අපගේ දැක්ම
" මහජන සේවාවන් සපයන විශිෂ්ටතම රාජ්‍ය ආයතනය බවට පත් වීම"
අපගේ මෙහෙවර
"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව විශිෂ්ට හා ඵලදායී සේවා සපයමින් යහපාලනය හා තිරසාර සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රාදේශීය ජන ජීවිතය නංවාලීම"ආයතනයේ විකාශනය
වර්තමාන හංවැල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය 1972 වර්ෂය දක්වා හෝමාගම ප්‍රාදේශිය ආදායම් නිලධාරී කොට්ඨාශයට අයත්ව හෝමාගම ප්‍රාදේශීය ආදායම් නිලධාරීතුමා යටතේ පාලනය සිදුවිය. 1973 වසරේදී හංවැල්ල ප්‍රාදේශිය ආදායම් නිලධාරී කොට්ඨාශය වශයෙන් වෙනම පරිපාලන ප්‍රදේශයක් ඇති වි එහි ප්‍රධාන පරිපාලන කාර්යාලය පහත්ගම නගරයේ පැරණි තැපැල් කාර්යාලය අසල පිහිටි ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන ලදි. එහි මුල්ම ප්‍රධාන පරිපාලන නිලධාරී තුමා වශයෙන් එම්.එස්.ද සිල්වා මැතිතුමා ප්‍රාදේශීය උප දිසාපති තුමා වහයෙන් 1973 ජුනි මස සිට 1976 ජුලි මාසය දක්වා කටයුතු කර ඇත.ඉතා අපහසුවෙන් පවත්වාගෙන ගිය උප දිසාපති කාර්යාලය 1976 වර්ෂයේදී පහත්ගම නගරයේම කන්ද උඩ පිහිටි මනරම් භූමියකට රැගෙන යන ලදි.
එවකට පැවති රජයේ තීරණ මත දිස්ත්‍රික් පරිපාලනයේ මෙන්ම ප්‍රාදේශීය පරිපාලනයේද විශේෂ වෙනස්කම් රාශියක් සිදු විය. ඒ අනුව දිස්ත්‍රික්කයේ මහ දිසාපති තුමාගේ නිල නාමය දිස්ත්‍රික් ලේකම්තුමා යනුවෙන්ද ප්‍රාදේශීය උප දිසාපති තුමාගේ නිල නාමය ප්‍රාදේශීය ලේකම් යනුවෙන්ද වෙනස් විය. ඒ අනුව 1989 ජුනි මස සිට ඩී.එස්.කළුබෝවිල මැතිතුමා ප්‍රථම හංවැල්ල ප්‍රාදේශීය ලේකම් තුමා වශයෙන් සිය ධූරයේ වැඩ භාර ගන්නා ලදි.
එම කාලය වන විට හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරී වසම් 38 ක් වු බල ප්‍රදේශය පසුව වසම් 58 දක්වා ද ඉන් අනතුරුව 104 ක් දක්වා ද වර්ධනය වි තිබුණි. පසු කලෙක පාදුක්ක වශයෙන් ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයක් ආරම්භ වු අතර එහි බල ප්‍රදේශය වශයෙන් එතෙක් හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්ව තිබු ග්‍රාම නිලධාරී වසම් 36 ක් පාදුක්ක කාර්යාලයට අනුයුක්ත කිරිම නිසා හංවැල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය ග්‍රාම නිලධාරී වසම් 68 ක් දක්වා සීමා විය.
2008 මාර්තු මස 11 වන දින සුභ මොහොතින් ගෙවැදුනු නව තෙමහල් ගොඩනැගිල්ලේ උත්සවයට සහභාගී වු ගරු නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මැතිතුමාගේ යෝජනාවක් මත එවකට තිබු හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යනුවෙන් අංක 1565/17 දරණ හා 2008 සැප්තැම්බර් 04 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය මගින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ගරු අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමා විසින් සංශෝධනය කර ප්‍රසිද්ධ කරන ලදි.
1973 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| 01. එම්.එස්. ද සිල්වා මහතා | 1973 ජුනි | 1976 ජනවාරී |
| 02. කේ.අරුණසිරි මහතා | 1976 සැප්තැම්බර් | 1977 ජනවාරී |
| 03. එස්.බාලසූරිය මහතා | 1977 ජනවාරී | 1982 අගොස්තු |
| 04. අමරසේන වැලිකන්න මහතා | 1982 සැප්තැම්බර් | 1982 මැයි 31 |
| 05. ඩී.එස්.කළුබෝවිල මහතා | 1989 ජුනි 01 | 1993 ජනවාරී |
| 06. ඩී.ඩබ්.අබේවික්‍රම මහතා | 1993 ජනවාරී 22 | 1994 ජුලි 30 |
|
07. පී.ඒ.අබේසේකර මහතා |
1994 අගෝස්තු |
1998 අප්‍රේල් |
| 08. ඒ.රාමනායක මහතා | 1998 අප්‍රේල් 20 | 2002 ඔක්තෝබර් 31 |
| 09. පී.එච්.එල්.වි.පෙරේරා මහතා | 2002 ඔක්තෝබර් 01 | 2005 මැයි 15 |
| 10. ඩී.එස්.විජේසේකර මිය | 2006 පෙබරවාරී | 2007 දෙසැම්බර් |
| 11. බී.එම්.එම්.එම්.බස්නායක මිය | 2008 ජනවාරී | 2008 ඔක්තෝබර් 01 |
| 12. ඩී.එස්.විජේසේකර මිය | 2008 ඔක්තෝබර් 02 | 2009 ජූලී 08 |
| 13. පි.ඩී.එස්.විජේරත්න මහතා | 2009 අගෝස්තු 14 | 2015 ජුනී 18 |
| 14. එම්.එම්.එස්.කේ.බණ්ඩාර මාපා මහතා | 2015 ඔක්තෝම්බර් 15 | 2017 අප්‍රේල් 11 |
| 15. කේ.එස්.දිල්හානි මිය | 2017 ජුලි 10 | 2024 දෙසැම්බර් 10 |
| 16. ඩබ්ලිව් මධූෂා ආර්. වීරක්කොඩි මිය | 2024 දෙසැම්බර් 11 | මේ දක්වා |















