සීතාවක ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව කොට්ඨාසයේ පාසල් තුළ සිදු කෙරෙන වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහන 2025.09.02 වන දින අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය මහා විද්‍යාලයේ චිත්‍ර විෂයය හදාරන දරුවන් උදෙසා පවත්වන ලදී. මෙහිදී චිත්‍ර සහ ග්‍රැෆික් කලාව පිළිබඳ දැනුවත් කිරීම සිදුවිය.
සම්පත්දායකයකත්වය :
- පාරම්පරික චිත්‍ර ශිල්පීනී , සඳරු කලායතනාධිපති අයි.ජී චන්ද්‍රිකා මහත්මිය
- පාරම්පරික චිත්‍ර ශිල්පී සුනිල් ශාන්ත මහතා
- පාරම්පරික චිත්‍ර ශිල්පී රවින්ද්‍ර රුක්මන් මහතා
- නෙත් රූ කලායතනාධිපති ,චිත්‍ර හා ග්‍රැෆික් නිර්මාණ ශිල්පී දුල්හාන් චමිත් මහතා
අනුග්‍රහකත්වය - ජාතික කලා මණ්ඩලය
සංවිධානය : සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය
















